චීනයේ හයිනන් ( Hainan) ස්වයං පාලිත පලාතේ උප ආණ්ඩුකාර සෙන් ඩැන්යං මහතා ඇතුළු හත් දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් ගරු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමා, ගාල්ල ලයිට් හවුස් හෝටලයේ දී හමුවිය.
දකුණු පලාත සහ චීනයේ හයිනන් පලාත අතර 2004 වසරේ දී අත්සන් කළ ‘මිතුරු පළාත්‘ සංකල්පය යටතේ සංචාරක, කෘෂිකර්ම, අධ්‍යාපන හා සංස්කෘතික සබදතා වර්ධනය කර ගැනීම මෙම හමුවේ අරමුණ විය.