දකුණු පළාත ගැන කෙටියෙන්

ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශයේ පිහිටා ඇති දර්ශනීය වෙරල තීරයකින් වටවූ දකුණු පළාත, ගාල්ල, මාතර හා  හම්බන්තොට දිස්ත්‍රික්ක 03 න් සමන්විතය. වර්ග කි.මී.5544 බිම් ප්‍රමාණයකින් හා 2, 503,988 ක ජනගහනයෙන් සැදුම්ලත් දකුණු පළාතේ අග නගරය ගාල්ල දිස්ත්‍රික්කය වේ.සිංහල, දෙමළ ,මුස්ලිම් හා වෙනත්  සුළු ජන වර්ගවලින් සමන්විතව බහුජාතීන්ගෙන් සැදුම්ලත් දකුණු පළාත, ඓතිහාසික හා පෞරාණික නටබුන් රැසකින් පිරි දැකුම්කළු, රමණීය පළාතකි.

පළාත් කොඩිය    

දකුණු පළාත් ධජය නිර්මාණය කොට ඇත්තේ ජාතික ධජයට බොහෝ සේ සමානවය. කහතීරeවකින් මායිම් වූ දුඹුරe රතු පැහැති පසුතලය මධ්‍යයේ අසිපතක් රැගත් කේශරයකු සහිතව නිර්මානය වී ඇති ධජයේ සිවු කොනෙහි බෝපත් 4ක් ඇත. එසේම, ධජයේ සිංහයාගේ දෙපස හිරe හා සද සංකේතවත් කර ඇත. දකුණු පළාත සදහා මෙම ධජය 2008/09/26 දින හදුන්වා දී ඇත.

දකුණු පළාත් පුෂ්පය - හීන් බෝවිටියා මල    

 

 

දකුණු පළාත් පුෂ්පය වශයෙන් නම් කර ඇති හීන් බෝවිටියා පුෂ්පය අයත් වන්නේ Melastomatacea නම් ශාක කුලයටයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය Osbekia colander (L) PC වේ. ශ්‍රී ලංකාවට ආවේණික තෙත් හා වියලි පරිසරවල අරටුවක් රහිතව අඩි 2-4 උස්ව පදුරක් වශයෙක් වැඩෙන මෙම ශාකය සම්ප්‍රධායික ඖෂධයක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇත. චිත්තාකර්ශනීය පුෂ්පයක් ලෙසත් වර්තමානයේ හීන් බෝවිටියා වඩාත් ප්‍රචලිත වෙමින් පවතී.

Southern Province Governors Office Website